Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක් – කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක් - කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක් - කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත් නිකුත් කරනු ලැබ ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥා පිළිබඳව පාර්ලිමේන්තුවට (22) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.

Exit mobile version