Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත විය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත විය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත විය

ශ්‍රී ලංකා ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන Flexicare ශ්‍රී ලංකා ආයතනය ඉකුත් 17 වනදා බණ්ඩාරගමදී මුදල් ඇමැතිබැසිල් රාජපක්ෂගේ අතින් විවෘත විය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් වන මෙය ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් අරඹන ප්‍රථම අවස්ථාව ලෙසද සැලැකේ. නව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර ඒ හරහා ශ්‍රී ලංකාව ප්‍රථමවරට ගෝලීය වෛද්‍ය පරිභෝජන උපාංග සිතියමටද ඇතුළත් වේ. පළමු අදියරේ පමණක් ශ්‍රී ලාංකිකයන් 600කට අධික සංඛ්‍යාවකට මෙමඟින් රැකියා අවස්ථා සැලැසේ.

එම අවස්ථාවට සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, සංජීව එදිරිමාන්න සහ ජයන්ත සමරවීරද Flexicare සමූහ ව්‍යාපාරයේ සභාපති ගසීම් පුමන්ඩ්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරා හල්ටන්, Flexicare ශ්‍රී ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයසිංහ ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.

Exit mobile version