Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බුදු දහමට අනුව, යුද්ධයකින් ජය ලැබූවෙකු නැත; සදහිරු සෑය එවැනි අරමුණක් ඉදිනොකරන්න තිබුණා – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

බුදු දහමට අනුව, යුද්ධයකින් ජය ලැබූවෙකු නැත; සදහිරු සෑය එවැනි අරමුණක් ඉදිනොකරන්න තිබුණා - මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

බුදු දහමට අනුව, යුද්ධයකින් ජය ලැබූවෙකු නැත; සදහිරු සෑය එවැනි අරමුණක් ඉදිනොකරන්න තිබුණා - මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

(18) යුද ජයග‍්‍රහණය සැමරීම වෙනුවෙන් අනුරපුරදී විවෘත කරන්නට යෙදුණ ”සදහිරු සෑය”ට විරෝධය පළ කරන්නට මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි කටයුතු කර තිබේ. එය එවැනි අරමුණක් වෙනුවෙන් ඉදි නොකළ තිබූ බවත් එය ඉදිකිරීම ආරම්භයේ සිට තමන් වහන්සේ විරුද්ධවූවාසේම සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවන ලෙස ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කර ඊට සහභාගී නොවූ බවද කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් දන්වා තිබේ.

බුදු දහමට අනුව, යුද්ධයකින් ජය ලැබූවෙකු නැති බවත්, අනාගතයේ යම් දිනෙක සදහිරු සෑය වෛරයේ සංකේතයක් බවට පත්විය හැකි බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි. 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතී තිබිණි. මෙම වෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ජනපති අගමැති මෙන්ම යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ. අනුරාධපුර අටමස්ථාන භූමියේ මෙවැනි අරමුණකින් වෙහෙරක් ඉදිකිරීමට ගත් තීරණය බෞද්ධ සමාජය හෙළාදැකිය යුතු බවත්, තමන් වහන්සේ මුල සිටම ඊට විරුද්ධව හඬ නැගූ බවද අගලකඩ සිරිසුමන හිමියෝ පවසති.

යුද්ධයෙන් පසුව ගොඩනැගිය යුතු බවට තීරණයවූ ජාතික සමගිය අවශ්‍ය කරන වෙලාවක එයට පිටුපා මෙවැනි දේ සිදු කිරීම ජාතික සමගියට බාධාවක් බව උන් වහන්සේ පෙන්වා දුන්හ.

Exit mobile version