Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායකයි – උදය ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්නේ ඇමරිකානුවෙක් - උදය ගම්මන්පිළ

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්නේ ඇමරිකානුවෙක් - උදය ගම්මන්පිළ

ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (18) පැවසීය.

බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65ක්ද, එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197ක් හෙවත් දෙගුණයකටත් වැඩි මුදලක් වැය වන බවද සඳහන් කළේය.

පිරිපහදුවෙන් ඉතිරි වන දැවි තෙල් සහ නැප්තා වර්තමානයේ භාවිතයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායි බව කී අමත්‍යාවරයා පැවසුවේ බොරතෙල් පිරිපහදුවේදී දැවි තෙල් සහ නැප්තා සියයට 37ක් ඉතිරි වන බවයි.

පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් සහ නැප්තා මිලදී නොගැනීම නිසා ටොන් 13,500ක් ටැංකිවල එකතු වී ඇති බවත් පිරිපහදුව යල්පැන ගිය එකක් වීම නිසා බොරතෙල් බැරලයකින් පෙට්‍රල් සියයට 14ක් සහ ඩීසල් සියයට 29ක් පමණක් නිෂ්පාදනය කළ හැකි බවත් අමාත්‍යවරයා කීය.

පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඩීසල් බැරලයක් ඩොලර් 93ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95ක් වන බවයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය

Exit mobile version