Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති පදවි ප්‍රාප්ති සංවත්සර සැමරුම වර්ජනය කිරීමට කලාකරුවන්ගේ සූදානමක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට තේරී පත්වීමේ දෙවෙනි සංවත්සර සැමරුම වර්ජනය කිරීමට “සංවේදී කලාකාරුවන්” බොහෝ දෙනෙකු තීරණය කර ඇතැයි අනාවරණය වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී කලාකරුවන් විශාල පිරිසක් “සංවේදී කලාකරුවන්” වශයෙන් පෙනී සිටිමින් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබීය. ඔවුන් අතරින් අති විශාල පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කෙරෙහි බිඳ වැටීමක සිටින අතර එම තත්වයෙන් මුදවා ගෙන යළිත් සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමට උත්සාහ කරමින් සිටිති.

දෙවෙනි පදවි ප්‍රාප්ති සැමරුම මේ වෙනුවෙන් යොදා ගෙන ඇති අතර “සංවේදී කළාකරුවන්” ලෙස ක්‍රියා කළ කලාකරුවන් මෙම අවස්ථාවට සම්බන්ධ කර ැගනීමේ මෙහෙයුමක් දියත් කර ඇත. එහෙත් බොහේ දෙනෙකු ඒ වෙනුවෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරමින් සිටින බව අනාවරණය වේ.

Exit mobile version