Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් ඉතිහාසයේ වාර්තා කිහිපයකටම හිමිකම් කියන ලංකා රාජිනී, පොලිස් මූලස්ථානයේ පරිපාලන නව අධ්‍යක්ෂවරිය ලෙස

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා කිහිපයකටම හිමිකම් කියන ලංකා රාජිනී, පොලිස් මූලස්ථානයේ පරිපාලන නව අධ්‍යක්ෂවරිය ලෙස

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා කිහිපයකටම හිමිකම් කියන ලංකා රාජිනී, පොලිස් මූලස්ථානයේ පරිපාලන නව අධ්‍යක්ෂවරිය ලෙස

පොලිස් මූලස්ථානයේ පරිපාලන නව අධ්‍යක්ෂවරිය ලෙස පත්ව ඇති කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාස පොතට සිය නම එක්කිරීමට සමත්ව සිටින්නීය.

කාන්තා පොලිස් නිලධාරිනියක එම තනතුරට පත්වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි. ඇය මීට පෙර ළමා සහ කාන්තා කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරිය ලෙසද කටයුතු කර ඇත. මෙම තනතුර හිමිවන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලංකා රාජිනී වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නියකි.

ඒ අතර පළමු වාර්තාව වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ස්ථීර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බදවාගත් පළමු කණ්ඩායමේ ඇය සාමාජිකාවක් වීමය. එම බදවා ගැනීම සිදුවන්නේ 1997 වසරේදීය.

ඇය දිවයිනේ බොහෝ ප්‍රදේශවල උප පොලිස් පරීක්ෂිකාවක් සහ පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවය කර ඇල්පිටිය , මීටියාගොඩ, බෙන්තොට, පේරාදෙණිය, අම්බලන්ගොඩ යන පොලිස් ස්ථානවල විවිධ පැමිණිලි අංශවලත්, ළමා හා කාන්තා කාර්යාංශවලත්, පරිපාලන අංශවලත් ස්ථානාධිපති ලෙසද කටයුතුකර තිබේ.

පොලිස් පරීක්ෂිකාවක් ලෙස මීටියාගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උපාධිධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගයට මුහුණ දෙමින් ඉහළින්ම සමත්ව ඇය 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා පොලිස් සේවයට නැවත එක්වන්නේ සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙසිනි. ඇය සමග එදා තවත් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වන අතර ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වන පළමු කාන්තා නිලධාරීනියන් වන්නේ ඔවුන් තිදෙනාය.

සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස වැඩිම සේවා කාලයක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සේවයේ නිරතව සිටි ඇය එහි අධ්‍යක්ෂකවරිය ලෙසද කලක් පත්ව සිටියාය. අනතුරුව ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට ස්ථානමාරුවීමක් ලබන ඇය නව තනතුරට පත්වන විට සේවයේ නිරතව සිටියේ කැලණිය පොලිස් කොට්ඨාශයේය.

ඇය එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු ඒ.එස්.පී. 03 අතර සිටි ඉමේෂා මුතුමාලි, දර්ශිකා කුමාරි සහ මදාරා ආරියසේන යන නිලධාරිනියන් මෙන්ම ලංකා රාජිනී යන නිලදාරිනිය සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස ඉතිහාසයේ පළමුවරට පොලිස් සේවයට එක්වූවන්ය.

Exit mobile version