Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම (15) උදෑසන සිදු කර තිබෙනවා.

රුපියල් මිලියන 180ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 527ක් නීතිවිරෝධී ලෙස තම අත්බෑගය තුළ සගවා ගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු (15) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මොහු ආචාර්ය උපාධියක් සහිත ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු බව ඒත්තු ගැන්වීම සදහා ව්‍යාජ ලියකියවිලි තොගයක් ද රේගුව වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු පළමුව ගුවන් මගින් ටියුනීසියාවේ සිට බ්‍රසීලය වෙත පැමිණ එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර ඉන්පසුව එම ගුවන් තොටුපළේ සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් (15) දින උදෑසන 08.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු සඳහන් කර සිටියේ.

මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version