Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලර් මිලියන150ක මූල්‍ය පහසුකමක් ඇමෙරිකාවෙන්

ශ්‍රී ලාංකික ප්‍රජාව පදනම් කරගත්ව්‍යාපාරවල තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා එක්සත් ජනපද රජය නොවැම්බර් 12 දින DFCC බැංකුව වෙත ඩොලර් මිලියන 150ක මූල්‍යපහසුකමක් ලබා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ලබා දෙන විශාලතම මූල්‍ය පහසුකම මෙය වෙයි. එය දේශීය ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයට, විශේෂයෙන්කාන්තාවන්විසින්මෙහෙයවන ව්‍යවසායන්ට සහය දැක්වීම සඳහා නිර්මාණය කර ඇතිඩොලර් මිලියන 265ක මූල්‍යමය පහසුකමේ කොටසකි.

මෙම හවුල්කාරිත්වය හරහා, DFCC බැංකුව ප්‍රමුඛ අංශ සඳහා ණය දීමේ විසඳුම් ලබා දෙන අතර, විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා රට දරන ප්‍රයත්නයන් වැඩිදියුණු කරමින්, එක්සත්ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමට සහාය වනු ඇත. කාන්තා ව්‍යවසායකයින්මුහුණ දෙන විශාලතම ගැටලුවලින් එකක් වන මූල්‍ය සඳහා සීමිත ප්‍රවේශය විසඳීම සඳහා ඩීඑෆ්සී ණයෙන් කොටසක් ශ්‍රී ලාංකේය කාන්තාවන් සතුහෝ මෙහෙයවන MSME වෙත යොමුකෙර්.

Exit mobile version