Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගමැතිවරයා සහ TNA මන්ත්‍රී සුමන්තිරන් පර්ලිමේන්තුවේ හමුවීමක්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තුවේදී හමුවූ ඡායාරූප මේ වනවිට පළ වී තිබේ.

අද පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරන සැසිවාරයේ දිවා භෝජන විවේකයේ දී මෙම හමු වීම සිදු විය.

ද්‍රවිඩ ජාතික සන්ධානය ඇමරිකානු සංචාරයක් සඳහා නියමිතව සිටින මොහාතක, ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීමේ අරමුණින් ඔවුන් අමෙරිකානු සංචාරයේ යෙදීමට නියමිත බව අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම තත්ත්වය මත අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කරන අයුරු දැක්වෙන ඡායාරූප පළ වී ඇති බව සඳහන් වේ.

 

Exit mobile version