Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වේගයෙන් පැතිරන නෝරෝ වයිරස් ප්‍රබේදයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන්

නෝරෝ වයිරසය ලෙස හැදින්වෙන වේගයෙන් පැතිර යන තවත් වයිරස් ප්‍රබේදයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන්

නෝරෝ වයිරසය ලෙස හැදින්වෙන වේගයෙන් පැතිර යන තවත් වයිරස් ප්‍රබේදයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන්

වේගයෙන් පැතිර යන තවත් වයිරස් ප්‍රබේදයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

සතුන්ගෙන් බිහිවී ආහාර සහ ජලය හරහා මිනිසාට බෝවන මෙම වයිරස් රෝගය නෝරෝ වයිරසය ලෙසයි හැදින්වෙන්නේ. නව වයිරස් අවදානම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නෝරෝ වයිරස අවදානම හේතුවෙන් ජලය ක්ලෝරීනකරනය ඉහළ නැංවීමට කේරල සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ජල මූලයන්හි සෞඛ්‍ය ආරක්ෂිතභාවය තහවුරු කර ගැනීම ඉතා වැදගත් බවයි අදහස වී තිබෙන්නේ.

වමනය සහ පාචනය සහිත උදරාබාද මෙම වයිරස් ආසාදනයේ දී දැකිය හැකි රෝග ලක්ෂණ වනවා. විශේෂයෙන් ළමයින් සහ වයස්ගත පුද්ගලයින්ට වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් ඇති බවද පැවසෙනවා.

Exit mobile version