Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ දිල්ලියේ ලොව ඉහළම වායු දූෂණය නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

ලොව වායු දූෂණය ඉහළම නගරයක් වන ඉන්දියාවේ දිල්ලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

ලොව වායු දූෂණය ඉහළම නගරයක් වන ඉන්දියාවේ දිල්ලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

වායු දූෂණය අනතුරුදායක මට්ටමට ළගාවීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලොව වායු දූෂණය ඉහළම නගරයක් වන ඉන්දියාවේ දිල්ලි නගරය මේ වනවිට ඝන දූවිලි මීදුම් සහිත දුමාරයකින් වැසීගොස් ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. උෂ්ණත්වය පහත වැටීම සහ සුළගේ වේගය අඩුවීම මෙලෙස විෂ වායු අවට පරිසරයේ රැදී පැවතීමට හේතුවී ඇති බවයි පැවසෙන්නේ. නිරෝගී පුද්ගලයින්ට මෙන්ම රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයින්ගේ සෞඛ්‍යයට මේ හේතුවෙන් දැඩි බලපෑමක් ඇති කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඉදිරි පැය 48 තුළ වායු දූෂණයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමට නගර බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Exit mobile version