Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුතුරාජවෙල අවුල විසඳීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්

මුතුරාජවෙල අවුල විසඳීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්

මුතුරාජවෙල අවුල විසඳීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්

කතාබහකට ලක්වී ඇති මුතුරාජවෙල රක්ෂිතයට අදාළ ඉඩම් ගැසට් කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටළුව විසඳීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ අදාළ ගැසට් කිරීම මගින් ආන්දෝලනයට ලක්ව ඇති කරුණු වහා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි.
අඛණ්ඩව දින 04ක් මෙම කමිටුව රැස්වී සාකච්ඡා කරන බවත්, පසුව ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බවත්, මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මුතුරාජවෙල රක්ෂිතයට හෙක්ටයාර 1,618ක් ඇතුළත් වන පරිදි මීට පෙර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එහි භූමිය හෙක්ටයාර 6,000ක් දක්වා වැඩිකර නව ගැසට් නිවේදනයක් නිකුත් විය.

කෙසේවෙතත්, පාර්ශව රැසකින් ඊට විරෝධය එල්ල වූයේ මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගයි.

Exit mobile version