Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුරු විදුහල්පති උද්ඝෝෂණයට කඩාවැදුණු මාවනැල්ල සභාපතිට එරෙහිව දෙමව්පියන් පොලිසි යයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ අරගලයට සහය දක්වමින් පැවති මාවනැල්ල, හිඟුල, මෙඩේරිගම විදුහලේ දෙමව්පියන්ගේ උද්ඝෝෂණයට කඩාවැදුණු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස හා තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනක්ට එරෙහිව පෙරේදා (07) මාවනැල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.

දෙමව්පියන් එළවා දමමින් ප්‍රචණ්ඩව හැසිරී ඇති පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන උප සභාපතිවරයාට එරෙහිව කඩිනමින් පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

අදාළ දින අනවසරයෙන් සහ බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට හා විදුහල්පති කාර්යාලයට ඇතුළත්වෙමින් ගුරුවරුන්ට පරිභව කරමින් ඔවුන් විසින් කළ තර්ජනය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස මාවනැල්ල කලාප කාර්යාලයේ කලාප අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතවම පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබිණු අතර, ඊට මෙඩේරිගම විදුහලේ විදුහල්පතිවරිය, නියෝජ්‍ය විදුහල්පතිවරීය සහ සහකාර විදුහල්පතිවරියත් ඇතුළු 25 දෙනෙකු අත්සන් තබා ඇත.

උප සභාපතිවරයාගේ තර්ජන හමුවේ රාජකාරී කිරීමට තමන්ට රාජකාරී කිරීම අපහසු බැවින් වහාම රාජකාරි කළ හැකි වාතාවරණයක් ඇතිකරන ලෙස මෙම පිරිස කලාප අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේ කළ නොහැකිනම් 25 දෙනා වෙනත් පාසල් වෙත මාරුකර යවන්නැයිද ඔවුහු සඳහන් කළහ.

Exit mobile version