Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රිතාන්‍යයෙන් දුප්පත් රටවලට පවුම් මිලියන 290ක පොරොන්දුවක්

බ්‍රිතාන්‍යයෙන් දුප්පත් රටවලට පවුම් මිලියන 290ක පොරොන්දුවක්

බ්‍රිතාන්‍යයෙන් දුප්පත් රටවලට පවුම් මිලියන 290ක පොරොන්දුවක්

දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි බලපෑමට ලක්ව ඇති ලොව දුප්පත් රටවලට පවුම් මිලියන 290ක ආධාර ලබාදීමට බ්‍රිතාන්‍ය පොරොන්දු වී තිබෙනවා.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන දේශගුණික විපර්යාස පපිළිබඳ සමුළුවේදී බ්‍රිතාන්‍යය මෙම පොරොන්දුව ලබා දුන්නා. දේශගුණික විපර්යාසයන්ට ලොව දුප්පත් රටවල් මුහුණ දිය යුතු ආකාරය සහ එමගින් සිදුවූ හානි පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ලොව ධනවත් රටවල ක්‍රියාකලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසයන්ගෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ලොව දුප්පත් රටවලට බව මෙහිදී අනාවරණය වුණා. දේශගුණික විපර්යාසයන්ගෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 100 කට අධිකයි. පසුගිය සතියේදී ආරම්භ වූ එම සමුළුව සති දෙකක කාලයක් පුරා පැවැත්වෙනු ඇති.

Exit mobile version