ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා ද්‍රවිඩ ජාතික මහජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා කෝවිල් වීදියේ පිහිටි ඔහුගේ නිවසේදී හමුවී සාකච්ඡා කර ඇත.
අදාළ හමුවීමෙන් පසු අදහස් දැක්වූ සෙන්දිල් තොණ්ඩමන් මහතා,
විග්නේෂ්වරන් යනු ඔහුගේ පවුලේ අය සමඟ සමීප සබඳතාවක් ඇති අයෙකි, මම ඔහුව දීර්ඝ කලක සිට හඳුනන්නෙමි. ඒ අනුව එක් සුහද හමුවක් ලෙසයි අද මා ඔහු හමුවූයේ.
එහිදී කිසිඳු දේශපාලනික සාකච්ඡාවක් සිදු නොවිණි. එම හමුවීම ඉතාමත් සුහදශීලී හමුවීමක් විය.
එම හමුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා, “තම දීර්ඝ කාලීන මිත්‍රයා සමඟ සිදු වූ සුහද හමුවීම පිළිබඳව සමහරු වැරදි අර්ථකථන දේවි.
මම ආණ්ඩුවත් සමඟ එක් වූ බව සමහරු සිතාවි.නමුත් අප එවැනි කිසිවක් සාකච්ඡා කලේ නැත. අප සමහර කරුණු සුහදව සාකච්ඡා කලෙමු යැයි ඔහු තව දුරටත් පැවසීය.