Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැරදි නිවැරදි කිරීමට යාමේදී ඇතැමුන්ට රිදීම් ඇති වනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ලේකම්වරු දෙන්නෙක් අයින් කරයි; අවුරුදු 2ට කෘෂිකර්මෙට 5 වැනි ලේකම්

ලේකම්වරු දෙන්නෙක් අයින් කරයි; අවුරුදු 2ට කෘෂිකර්මෙට 5 වැනි ලේකම්

නිවැරදි විය යුතු වැරදි නිවැරදි කිරීමට යාමේදී ඇතැමුන්ට රිදීම් ඇති වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ වැඩ අවසන් කළ මාර්ග 1,500ක් එක් දිනක් තුළ ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය එක් වෙමින්.

ගොවියන් උද්ඝෝෂණ සිදු කලද ගොවීන්ට වත්මන් රජය කළ සේවාව අමතක නොකළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. සහතික මිල නියම කිරීම, පොහොර නොමිලේ ලබා දීම සිදු කළේ තම රජය යටතේ බවද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළා.කාබනික පොහොර භාවිතා කිරීමට ගොවියන්ට බල කිරීමට හෝ තර්ජනය කිරීමට තමන් සුදානම් නොමැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

ජනතාවට මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට තමන් කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට විශ්වවිද්‍යාල උපකුලපති ධුරය ලබා දීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා. උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ගත් පුද්ගලයින්ම එම පත් කිරීම නුසුදුසු බවට ප්‍රකාශ කිරීම විහිළු සහගත බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

රජය විශ්වාස කර කෘෂිකර්මාන්තය නංවාලීමට ඉදිරියට පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළා.

Exit mobile version