Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න නැවතත් මේ ආණ්ඩුව ජාතිවාදී ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා – විජිත හේරත්

“දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරනවා. ජන මනස අවුල් කරලා සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන්න උත්සාහ කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ දින (03) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම වීඩීයෝව පහතින්,

Exit mobile version