Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දියානු ගුවන් යානා දෙකක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදාව ට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් (04) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

ඉන් පළමු ගුවන්යානය නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර 72,576ක් රැගෙන දිවයිනට ළඟා වු බවත්, අනෙක් ගුවන් යානය නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් 72,576ක් රැගෙන දිවයිනට ළඟා වු බවත්ය.

එම ගුවන් යානා මඟින් රැගෙන ආ පොහොර තොගය කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී මහජන බැංකුවේ නගර ශාඛාවේ ගොවි සංවිධානයක් නමින් ගිණුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළ මොහාන් පෙරේරා දියර පොහොර රැගෙන එන අවස්ථාදී ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටියේය.

Exit mobile version