Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය සියයට 1.9 කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ජූනි මස උද්ධමනය 54.6%ක්; අධි උද්ධමන තත්ත්වයක් - බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ ජූනි මස උද්ධමනය 54.6%ක්; අධි උද්ධමන තත්ත්වයක් - බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බරයේ උද්ධමනය පැවතියේ 5.7% ක් ලෙසය. ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 7.6%ක් දක්වා ඉහළ නැග ඇත. ඒ අනුව ඉහළ යාම 1.9කි.

ආහාර සහ ආහාර නොවන යන ඛාණ්ඩ දෙකටම අයත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම උද්ධමනයේ වර්ධනයට හේතුව ලෙස සටහන්වේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා පනවා තිබුනු මිල පාලනය ඉවත් කිරීමට රජයට කටයුතු කිරීමෙන් පසුව භාණ්ඩ මිල ගණන් ශීඝ‍්‍රයෙන් ඉහළ ගිය අතර සහල්, පාන්, වෙනත් බේකරි නිෂ්පාදන, පොල්, එළවළු, කහකුඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් සැප්තැම්බරයේ සිට මිල ඉහළ යාමට ලක් විය. ඔක්තෝබරයේ දී කිරිපිටි මිලද ඉහළ ගියේය.

ගෑස් මිල ඉහළ යාම ආහාර නොවන ඛාණ්ඩයට අයත් භාණ්ඩවල මිල ඉහළ යාමටද දැඩි ලෙස බලපෑවේය.

Exit mobile version