Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බඩ කට තද කර ගන්නෙයි උතුරු කොරියානු නායකගෙන් ඉල්ලීමක්

බඩ කට තද කර ගන්නෙයි උතුරු කොරියානු නායකගෙන් ඉල්ලීමක්

බඩ කට තද කර ගන්නෙයි උතුරු කොරියානු නායකගෙන් ඉල්ලීමක්

රට ආහාර අර්බුදයකට මුහුණ පා ඇති බැවින් 2025 වසර වනතුරු අඩුවෙන් ආහාර ගන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

උතුරු කොරියාවේ ආහාර අර්බුදය මේ වනවිට උත්සන්න වී ඇත්තේ උතුරු කොරියාව 2020 වසරේ සිට දේශසීමා වසා දමා ඇති බැවිනි. දේශසීමා වසා දැමීම සිදුවූයේ කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමටය. උතුරු කොරියාවේ සමීපතම අසල්වැසියන් වන්නේ දකුණු කොරියාව චීනය සහ රුසියාවය. එයින්ද උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන්ගේන් ගනුදෙනු සිදු කරන්නේත් චීනය සහ රුසියාව සමඟය‍.

කොවිඩ් 19 වයිරසය චීනයෙන් ආරම්භ වූ අවස්ථාවේදීම, උතුරු කොරියාව සිය දේශ සීමා වසා දමා හුදෙකලා විය. අදවනවිටත් උතුරු කොරියාවෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිතයකු වාර්තා වී නැත. දේශසීමා වසා දැමීමත් සමඟ උතුරු කොරියාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි.

රට තුළ ආහාර සම්බන්ධයෙන් පවතින ගැටලු කඩිනමින් විසඳා ගත යුතු යැයි නායක කිම් ජොන් උන් අදාළ බලධාරීන්ට උපදෙස් දි ඇති අතර, එම බලධාරීන් පෙන්වා දී ඇත්තේ වසර 2025 වනතෙක් ආහාර අර්බුදයේ බලපෑම උතුරු කොරියානුවන්ට දැනෙනු ඇති බවය. 2025 වසර තෙක් අඩුවෙන් ආහාර ගන්නැයි උතුරු කොරියානු නායකයා ඉල්ලා ඇත්තේ මේ නිසාය.

Exit mobile version