Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට

ලංකාවේ එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට

ලංකාවේ එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට

මෙරට පළමුවරට සියයට 30ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (26) සිදුකෙරිණි.

මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය මගින් එකලස් කර ඇති මෙම මෝටර් රථය එම ආයතනයට අයත් මතුගම වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී වෙළඳපලට හඳුන්වා දෙනු ලැබිණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සකසා එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිවූ බවත්, දේශීය වශයෙන් වාහන නිපදවීමේ, එසේත් නැතිනම් දේශීය වශයෙන් අගය වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යාම එහි අරමුණ වූ බවත්ය.

වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බව කී ඇමතිවරයා ඉදිරියේදී “මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකි බවද සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ රට තුළ පැවැති ආර්ථිකම හේතු මත වාහන ආනයනය නතර කර තිබීම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි හා නොසිටි අයට එම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට උත්තේජනයක් වූ බව කී ඇමතිවරයා සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මෙරට වාහන නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීතිරීති නිසි පරිදි සකසා දීම සිදුවූ බවද කීවේය.

Exit mobile version