Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහාචාර්ය නීලිකා මලවිගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ තනතුරකට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තෝරාගෙන තිබේ.

එම කණ්ඩායම ලොව පුරා සිටින කොවිඩ්-19 පිළිබඳ විශේෂඥයින් වන වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් 10 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

COVID-19 තාක්‍ෂණ ප්‍රවේශ සංචිතයට (C-TAP) සම්බන්ධ විද්‍යාත්මක, තාක්‍ෂණික සහ උපාය මාර්ගික කරුණු පිළිබඳව උපදෙස් දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම තාක්ෂණික උපදේශක කණ්ඩායම පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, 2021 වසරේ සිට 2023 වසර දක්වා වසර දෙකක කාලයක් සඳහා එම කණ්ඩායම පත් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසී ය.

Exit mobile version