Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ කිසිම දෙමළ නියෝජිතයෙකු නැහැ – මනෝ ගනේෂන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථාපනය කර ඇති එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන විශ්වාසයක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,  එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස නම් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මතභේදාත්මක ඉතිහාසයක් ඇති බවය.

මෙලෙස උන්වහන්සේ එම බලකායේ සභාපති ධූරයට පත් කිරීම තුළින් රටේ ආගම් සහ ජාතීන් අතර ඇති සමගිය සහ එකමුතුභාවය නැති වීමට ඉඩ සලසා දී ඇති බව මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසීය.

මේ ස්වාමින් වහන්ස ජනාධිපති සමාවක් ලබා ගෙන තමයි නීතියෙන් පිට ඉන්නේ දැන් ඒකත් දන්නවා. ඒ වගේ ස්වාමින් වහන්සේට කොයි ආකාරයෙන් ද මේ රටේ මේ වගේ එක ම රට එක ම නීතිය යන සංකල්පය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කියලා මට දන්නේ නැහැ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන් ම මෙම කාර්ය සාධක බලකායේ සමාජිකයින් 13 දෙනෙකු සිටින බවත් ඒ අතර සිංහල නියෝජිතයින් 9 දෙනෙකු සහ මුස්ලිම් නියෝජිතයින්  4 දෙනෙකු සිටින අතර එහි කිසිදු දෙමළ නියෝජිතයෙකු නොමැති බව මනෝ ගනේෂන් මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

ඇයි ජනාධිපතිතුමා දන්නේ නැද්ද මේ රටේ දෙමළ ජනතාව ජීවත් වෙන බව. මේ වගේ බලකායක් එක ම රටක් එක ම නීතියක් සංකල්පයට හදනකොට ඒ තුළ දමිළ නියෝජිතයෙක් ඉන්න ඕන කියන බවත් මේ ජනාධිපතිතුමාට දන්නේ නැත්නම් අපි කොහොම ද හිතන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජීවත් වෙන හැම දෙනාට ම ජනාධිපති කියල අපි කොහොම ද විශ්වාස කරන්නේ. 

කරන අපරාධය හරි කරනකොට ක්‍රමානුකූලව කරන්න එළිපිට කරන්න එපා මෙහෙම. අපිට නම් කොහොම උණ ත් මේ බලකාය තුළ කිසි ම විශ්වාසයක් නැහැ. මම ඉල්ලන්නෙ ත් නැහැ දෙමළ නියෝජිතයෙක් දාන්න කියලා.

මං හිතන්නේ මේ බලකාය ත් පසුගිය කාලය පුරා ම සිදු වෙච්ච වගේ ම ජනාධිපතිතුමා අනා ගන්න දෙයක් කියලා අපි හිතනවා.”

Exit mobile version