Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය වැරදි තැන් පෙන්වූ ජ්‍යෙෂ්ඨ කෘෂි විද්‍යාඥයා, අමාත්‍ය මහින්දානන්ද විසින් ගෙදර යවයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඒ ඔහු රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ බව පවසමිණි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකි.

මොහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට කරුණු පෙන්වා දී ඇතැයිස ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුව යැයිද පැවසේ.

අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මෙම නිලධාරියා ඉවත් කිරීමට ඊයේ දින (26) කටයුතු කර ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version