උතුරේ හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඇය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙසද කාලයක් කටයුතු කළාය.
පී.එස්.එම්.චාල්ස් මහත්මිය උතුරේ ආණ්ඩුකාර ධූරයෙන් පසුගියදා ඉවත් කෙරිණ. ඇය ඉවත් කිරීමෙන් පුරප්පාඩවූ එම ආණ්ඩුකාර ධුරයට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුවූ ජීවන් ත්‍යාගරාජා මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.
මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන සුන්දරම් අරුමයිනායහම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීමටත් පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
සුන්දරම් අරුමයිනායහම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කෙරෙන්නේ එම කොමිසමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ වී. සිවඥානසෝති මහතාගේ අභාවයෙන් එම සාමාජික ධූරය පුරප්පාඩු වීම නිසාය. අරුමයිනායහම් මහතා විදේශ රැකියා සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය.
පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (25)වෙනිදා රැස්විය. මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද එක්වූහ.