Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන මත වාහන ගෙන්වීම පිළිබඳව සාකච්ඡාව පෙරේදා ජනාධිපති මන්දිරයේදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු සහන මත වාහන ගෙන්වීම පිළිබඳව 24 වන දින ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“නැවත වාහන ගෙන්වන්න තීරණයක් නෙවෙයි. කලින් වාහන ගෙන්වන්න හදපු වෙලාවේ මන්ත්‍රීවරුන්ම ඉල්ලීමක් කළා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න උඩ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක කල්දාන්න කියලා. හැබැයි ඊයේ නැවත කතාවුණා ඒ ඉල්ලීම නැවත සලකා බලන්න දැන් කාලය එළඹෙමින් තියෙනවා කියන කාරණය ගැන විතරක් කතවුණා. නමුත් එහිදී තීන්දුවක් තීරණයක් ගැනීමක් වුණේ නෑ”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ පෙරේදා (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Exit mobile version