Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ONLINE වෛද්‍ය විද්‍යා පාඨමාලා කොන්දේසි උල්ලංඝනයක් මෙන්ම උපාධියේ ප්‍රමිතිය පිලිබඳ ගැටලුවක් – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

2020 වසරේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්

2020 වසරේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැම් විදේශ සරසවිවල පාඨමාලා මුළුමනින්ම ‘ඔන්ලයින්‘ ආකාරයට ක්‍රියාත්මකවන පසුබිම යටතේ වෛද්‍ය විද්‍යා පාඨමාලාවන්ද සම්පූරණ ලෙස අන්තර්ජාලයෙන් නිමකර සහතික ලබාදීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයිද එලෙස බිහිවන වෛද්‍ය උපාධිධාරීන් ප්‍රායෝගික සේවයේ යෙදවීම අවදානම් බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබීමට පවතින ගිවිසුම් හා කොන්දේසි අනුව විදේශ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි එලෙස පිරිනමන්නේ නම් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිය පාඨමාලා නිම කිරීම කොන්දේසි උල්ලංඝනයක් මෙන්ම උපාධියේ ප්‍රමිතිය පිලිබඳ ගැටලුවක් මතුකර ඇති බව පෙන්වා දෙයි.

එලෙස පාඨමාලා හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් නීති විරෝධී සහ වංචනික ක්‍රියාවක නිරතවී වෘත්තිය ජීවිතයට පිවිසෙන්නන් වන බැවින් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතුකිරීමට වෛද්‍ය සභාව තීරණය කර ඇති බව සඳහන්වේ.

විදේශ වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතනවලට ශ්‍රී ලංකාවට අදාළ වන ලෙස වෛද්‍ය උපාධි පිරිනැමීමට අවසර දී ඇත්තේ නේවාසික පාඨමාලා පැවැත්වීමේ පදනම මත බැවින් එම පාඨමාලාවන්හි පූර්ව සායනික, අර්ධ සායනික සහ රෝහල් සායනික පුහුණුවීම් සියල්ල අදාළ විශ්වවිද්‍යාල පිහිටි රටේ නේවාසිකව සිට සම්පූර්ණ කළ යුතුවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කරයි.

යම් පුද්ගලයෙකු අදාළ කොන්දේසි සම්පූර්ණ නොකර උපාධි සහතික පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය ආඥා පනත යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය ඇති බවද මතක්කරදෙයි. එසේම ඔවුන් ලංකාවේ වෛද්‍ය වෘත්තියෙහි යෙදවීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දෙයි.

Exit mobile version