Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ මහාධිකරණයේ අසාද් සාලිට අධිචෝදනා

මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හරහා ආගම් අතර මතභේදයක් ඇති කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර එහිදී අසාද් සාලි මහතා වෙත අධිචෝදනා බාර දී තිබෙනවා.

මෙම නඩුව නොවැම්බර් 02 වැනිදා සිටි විභාග කිරීමට නියමිතය.

Exit mobile version