Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මීලාදුන් නබි දින වෙනුවෙන් සමරු මුද්දරයක් සහ පළමු දින කවරයක් අගමැති අතින් එළි දැක්වේ

මීලාදුන් නබි දින උත්සවය (19) පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රලිය මාලිගයේ දී පැවැත්විණි.

මෙම උත්සවය බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබිණි.

මෙහිදී 2021 ජාතික මිලාදුන් නබි දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ පළමු දින කවරය ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සමරු ඵලකයක් සහ පළමු දින කවරය ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වූ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

 

Exit mobile version