Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උගන්ඩාව නව තාක්ෂණය හා බැදුණු ව්‍යාපාර අවස්ථා අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන්

පසුගියදා පැවති Dubai Expo 2020 අන්තර්ජාතික වෙලඳ ප්‍රදර්ශනය සඳහා බොහෝ රටවල් සහභාගී වී තිබූණා. ඒ අතරින් වර්තමානයේ සීග්‍ර වශයෙන් දියුණුව කරා ගමන් කරන රටක් වන උගන්ඩාව ඇමරිකානු ඩොලර් මිලියන 650ක් ආයෝජන අවස්ථා මෙම වෙලඳ ප්‍රදර්ශනය තුලින් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. ඉන් මිලියන 500ක් පුනර්ජනනීය බලශක්තිය හා ප්‍රවාහන ව්‍යාපෘති සඳහාත්, මිලියන 50ක් ඛණිජ නිෂ්පාදන ව්‍යාපෘති සඳහාත් තවත් මිලියන 50ක් ඖෂධ නිෂ්පාදන ආයතනයක් පිහිටුවීම සඳහාත් ඔවුන් විදේශීය ආයෝජන ලබා ගෙන තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් අධික වියදමක් දරා වෙලඳ ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කර තිබුණත් ඒ තුලින් ප්‍රධාන වශයෙන් ප්‍රවර්ධනය කර තිබුනේ සාම්ප්‍රදායික නිෂ්පාදන වන තේ හා සංචාරක කර්මාන්තය හා බැදුණු වෙස්මුහුණු හා ඒ ආශ්‍රිත අත්කම් නිර්මාණ පමණයි. මොරටුව විශ්වවිද්‍යාල සිසුන් විසින් නිර්මාණය කර තිබුණු එම කුටිය සඳහා එහි සංකල්පීය වැදගත්කම මත ඔවුන් ත්‍යාගයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ලොව අනෙක් රටවල් නව තාක්ෂණය හා බැදුණු ව්‍යාපාර අවස්ථා ජාත්‍යන්තර වෙලඳ ප්‍රදර්ශන වල ප්‍රවර්ධනය කරද්දී අපි තවමත් සාම්ප්‍රදායික නිෂ්පාදන වලට පමණක් කොටුවී සිටීම ඉතාම ඍණාත්මක කරුණක්.

Exit mobile version