Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේනත් දේශපාලනයට

පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී ඉකුත් දා පැවැත්විණි.

ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතාගේ නම යෝජනාවී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන මහතා තේරීපත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. එමෙන්ම ඔහු සභාපතිවරයා ලෙස ඒකච්ජන්දයෙන්ම තේරිපත්විය.

හිටුපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භකර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි.ඒ 1969 වසරේදී පමණය.

Exit mobile version