Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසු විය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ කීර්තිමත් පුද්ගලයෙකු ලෙස බන්දුල වර්ණපුර මහතා ජනාදරයට පත් ක්‍රීඩකයෙකි.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වීමෙන් පසුව පුහුණුකරුවකු, කලමනාකරුවකු, නිලධාරියකු සහ කි‍්‍රකට් විස්තර විචාරකයකු මෙන්ම කී‍්‍රඩාංගණ සකස් කරන්නෙකු වශයෙන් මියයන තෙක්ම කි‍්‍රකට් කී‍්‍රඩාව හා ඇලී ගැලී සිටියේය.

මියයන විටත් කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි බන්දුල වර්ණපුර මහතා කලක සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය. දෙසතියකට පමණ ඉහතදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලදී.

මේ වසරේ පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදීත් සභාපති තනතුර සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ බන්දුල වර්ණපුර මහතා අවසාන මොහොතේදී එයින් ඉවත් විය. එහෙත් ඔහු නැගෙනහිර පළාතේ අම්පාර නගරයට ආසන්නයේ ඉදිකෙරෙමින් පැවැති කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක කටයුතු සොයාබලමින් කී‍්‍රඩාව සමග පැවැති සම්බන්ධතා නිරන්තරයෙන් රඳවා ගත්තේය.

දෙදරු පියෙකු වන වර්ණපුර මහතාගේ පුතුන් දෙදෙනාගෙන් මධුර වර්ණපුර මහතා මෑතකදී විදේශගත වූ අතර, මාධව වර්ණපුර මහතා තවමත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතව සිටියි.

වර්ණපුර මහතාගේ අවසන් කටයුතු පිිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.

Exit mobile version