Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක්

මහා බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් මහතාගේ ඝාතනය ත්‍රස්ත සිද්ධියක් බවට එරට පොලිසිය පවසයි.

සිය ඡන්ද කොට්ඨාශයේ දී මහ ජන හමුවකදී එම අවස්ථාවට පැමිණී තරුණයෙකු විසින් මන්ත්‍රිවරයාට මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර ඔහු මිය යන විට 69 වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඒ අනුව මේ වන විට ඝාතන සිද්ධීයට සැකපිට 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය පවසා සිටියේ.

සිද්ධීය සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන් සහ ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාර්මර් අද සිද්ධිය වූ ස්ථානයේ දී මල් කළඹා සිය ශෝක ප්‍රකාශ කර සිටියහ.

Exit mobile version