Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධී ලෙස නවසීලන්තයට සංක්‍රමණය වීමට ගිය පුද්ගලයින් 64 ක් සහ අවුරුදු 4 ක සිඟිත්තෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි හෝටලයකදී පිරිමින් 63 දෙනෙකු, කාන්තාවක් සහ අවුරුදු 4 ක කුඩා දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය හරහා නවසීලන්තයට සංක්‍රමණය වීමට, ත්‍රිකුණාමලයේ පිහිටි නවාතැන්පළක නවාතැන් ගෙන සිටි කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ලැබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට පත් වී ඇති බවද ප්‍රකාශයට පත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක කළ වැටලීමකදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Exit mobile version