Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනතාවගේ පරිස්සම නැතිවුනොත් කොරෝනා පොකුරු යළි ඇති වෙයි

රට විවෘත කළ පසු ජනතාවගේ පරිස්සම හොඳටම මදි යැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙසේ කටයුතු කළහොත් කොරෝනා පොකුරු යළි ඇතිවීමේ අවදානමක් මතු වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ජනතාව විශේෂයෙන්ම මුව ආවරණ ගැන සැලකිලිමත් විය යුතු බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා එකට එක්රැස්වී කෑම බීම ගැනීම සහ වායුසමනය කරන ලද ස්ථාන හැකිතාක් මඟහැර කටයුතු කිරීම යනාදී සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කිරීමද ඉතාමත් වැදගත් බව පැවසුවේය.

මේ අතර වයස 18-30 අතර පිරිස්වලටද එන්නත කඩිනමින් ලබාදිය යුතු බවත් සමාජයේ රංචු ප්‍රතිශක්තිය ඇතිවීම එම කොටසට එන්නත ලබාදීමෙන් සිදුවනු ඇති බවත් අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

රට වසා දැමීමේ සම්පූර්ණ ප්‍රතිඵල දැකගත හැකිවනුයේ තව සති දෙකකින් පමණ පසුව බව පැවසූ හෙතෙම රට වසා දැමීමේ ප්‍රතිඵල ලෙස කොරෝනා මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයිද සඳහන් කළේය.

කොරෝනා පැතිරීම ඉතා හොඳ මට්ටමට පාලනය වී ඇතැයිද ඔහු කීවේය .

Exit mobile version