Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇතැම් ප්‍රදේශවල ව්‍යාජ එන්නත්කරණ කාඩ්පත් භාවිතා කරලා

රට පුරා ව්‍යාජ ලෙස සකස් කළ කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත් ඇතැම් අය භාවිතා කරන බව දැනගන්නට ලැබී ඇත.

එසේ භාවිතා කරනු ලබන කාඩ්පත් වලංගු දැයි සොයා බැලීමට කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමසේවක සහ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කලාප මට්ටමින් මේ පිළිබඳව සොයා බැලීමට සැලසුම් කර ඇත.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය පසුගිය පළවන දා රැස් විය.

මෙම රැස්වීමේදී, පොදු ස්ථානවලට යාමේදී එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද කිරීමට තීරණය කෙරිණි.

එන්නත් පිළිබඳ නිවැරදි දත්ත සකස් කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දී තිබීම මෙයට හේතුව වේ.

Exit mobile version