Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජර්මානු යුධ හමුදා නිලධාරීවරුන් දෙදෙනෙක්!

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජර්මානු යුධ හමුදා නිලධාරීවරුන් දෙදෙනෙක්!

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජර්මානු යුධ හමුදා නිලධාරීවරුන් දෙදෙනෙක්!

ශ්‍රී ලංකාව භාරව සිටින ජර්මානු හමුදා නිලධාරින් දෙදෙනෙකු, (කපිතාන් ජෙරල්ඩ් කෝච් සහ ලුතිනන් කර්නල් ජෝන් සිහාර්) යන අය 2021 ඔක්තෝබර් 3 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජර්මානු තානාපති කාර්යාලය නිවේදනය ඇත.

එමෙන්ම 3 වනදා සිට 8 වනදා දක්වා මොවුන් ශ්‍රී ලංකාවේ ගත කිරීමට බලාපොරොත්තු වන බව ජර්මානු තානාපති කාර්යාලය පවසයි.

මාස 18 කට වැඩි කාලයක් තිස්සේ වසංගතය හේතුවෙන් සංචාරන සීමාවලින් පසුව, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයට සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන් අතර සබඳතා නැවතත් ආරම්භ කර තිබේ.

මෙම සන්දර්භය තුළ, ජර්මානු හමුදා නිලධාරීන්ගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු අතරින් එකක් වනුයේ, 2022 ජනවාරි 9 වනදා සිට 13 වනදා දක්වා, ජර්මනියේ යුධ නෞකාව වන “බර්ලින්” ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලැස්ම සකස් කිරීම බව ජර්මානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

ආසියානු සංචාරය 2021 අගෝස්තු මාසයේදී ආරම්භ කළ, ජර්මානු යුධ නෞකාව, 2022 පෙබරවාරි මාසයේදී පිටත්වීමට නියමිතය. “බර්ලින්” නෞකාව කොළඹට පැමිණීමත් සමඟම, 2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සයුරේ ඒකාබද්ධ පුහුණු මෙහෙයුමක් සිදු කිරීමට නියමිතය.

Exit mobile version