Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොහාන් රත්තරං බඩු මංකොල්ලයකට ගියා නම් ඒ ඇමතිකමෙනුත් අස්වෙයි – විමල්

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට අදාළව ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ධුරයෙන් පමණක් ඉවත් වීම ප්‍රමාණවත් බවත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වීමට වුවමනාවක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

“වැරදි සිදුවෙන්න පුළුවන්. හැබැයි වැරදි සිදුවීම පිළිඅරගෙන නිහතමානීව එම තනතුරෙන් ඉවත් වීමනෙ වැදගත් වෙන්නෙ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් එවැනි ආදර්ශයන් එකතුවෙලා තිබිලා නෑ. ඉතිං ඒ අතින් ලොහාන් රත්වත්තේ මැතිතුමා ඒ වෙච්ච මොකක් හෝ තමන්ගෙන් වෙච්ච අඩුපාඩුව පිළිඅරන් තමන් ඒ දරපු අමාත්‍ය තනතුරෙන් ඉවත් වෙලා තියෙනවා”

ප්‍රශ්නය – ඔහු ඉවත් වෙලා තියෙන්නෙ බන්ධනාගාර ඇමතිකමෙන් විතරයි නමුත් අනිත් ඇමතිකම තියෙනවා ?

“ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියා නම් ලොහාන් රත්තවත්තේ ඇමතිතුමා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ (16) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Exit mobile version