Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ බැංකු අධිපති ඉවත් වීමට හේතුව රජයේ බලපෑමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි

ශ්‍රී ලංකා මහ බැංකුව යනු රාජ්‍ය ආයතනයක් නොවේ. එය ස්වාධීන ආයතනයකි. එහෙයින් මෙවැනි ස්වාධීන ආයතනවලට උසස් නිලධාරීන් ලෙස පත් කරන අය රජයේ බලපෑම් හේතුවෙන් තම සේවා කාලය අවසන් වීමට පෙරම ඉල්ලා අස්වීම සුදුසු නොවන බව ජාතික සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

තවද අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට පෙර 2002 – 2015 දක්වා කාල වකවානුවේ දී මහ බැංකු කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ හෙළි වූ ගැටළුවලට රජය ස්ථිර විසඳුම් ලබා දිය යුතු යැයි ද එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත.

කොළඹ පිහිටි විපක්ෂය නායක කාර්යාලයේ දී පසුගිය ඉරිදා දින පැවති පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ, රජයන් වෙනස් වුවත් ඔවුන් තම සේවා කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් නොවිය යුතුය යන්නයි.

මහ බැංකු අධිපතිකම අජිත් නිවාඩ් කබ්රාල්ට පිරිනැමීමට පෙර, 2002 – 2015 දක්වා වූ කාල සීමාව තුළ මහ බැංකුව සම්බන්ධයෙන් හෙළි වූ කරුණු පිළිබඳව පසුගිය 2019 නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දක්වා ඇති ගැටළුවලට විසඳුමක් ලබා දෙන ලෙස රජයට බල කරන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

Exit mobile version