Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු පළාත් දූපත්වල චීන දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතිය; ඉන්දියාවට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද?

උතුරු පළාතේ දූපත් තුනක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගම් සැලසුම් අඛණ්ඩව කරගෙන යාමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නයිනතීවූ, නෙඩුන්තීවු සහ අලෙයිතීවු හි චීන සමාගම්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුමැතිය ලැබී ඇති බව එම ප්‍රවෘත්තිවල සඳහන් වේ.

ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වෙමින් පවතින චීන ක්‍රියාකාරීත්වය, ඉන්දියාවට පමණක් නොව ඇමෙරිකාවට සහ ඇතැම් ජාත්‍යන්තර පාර්ශවයන්ට ද කනස්සල්ලට කරුණක් බව එම ප්‍රවෘත්තියේ දක්වා තිබිණි.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනයේ මැදිහත් වීම පිළිබඳව ඉන්දියාව විටින් විට කනස්සල්ල පළ කළ ද, තර්ජනය කිසි විටෙකත් ප්‍රබල නොවූ බව ද එහි සඳහන් විය.

මෙම පසුබිම තුළ චීනයේ Sinosoar – Etechwin Joint Venture සමාගම දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය දූපත් තුනක ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත් මෙය ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික බැඳීමට අනතුරු ඇඟවීමේ සංඥාවක් බවත් සඳහන් වේ.

චීනය සහ ලංකාව අතර සිදුවෙමින් පවතින ගනුදෙනු සඳහා මැදිහත් වීමට අපට අයිතියක් නොමැති නමුත්, මධ්‍යම රජය විසින් මේ සඳහා මැදිහත් විය යුතු යැයි ඩී.එම්.කේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි මහතා පවසා තිබේ.

Exit mobile version