Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර සාම දින සැමරුම සූම් තාක්ෂණය හරහා පැවැත්වේ

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘ජාත්‍යන්තර සාම දින සැමරුම’ ලබන 21 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

මීට සමගාමීව පැල 100,000 සිටුවීමේ ජාතික වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

මෙවර සාම දිනයෙහි තේමාව වී ඇත්තේ “සාධාරණ යහපත් ලෝකයක් ලෙස ලෝකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම” යන්නයි.

බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට සජීවීව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පරිවර්තන ද සහිතව මෙම වැඩසටහන පැවැත්වේ.

සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනි දින ලොව පුරා ජාත්‍යන්තර සාම දිනය සමරනු ලබන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සාමය පිළිබඳ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා කැප වූ දිනයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇත.

Exit mobile version