Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැන්නම් ඇත්තටම අපිටත් හරි මහන්සියි, කාලෙකින් ගෙදර ගියෙත් නෑ – සෞඛ්‍ය කාර්යමණ්ඩ

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතය පිළිබඳව අවදානමක් ඇති රෝගීන් බව අප අමුතුවෙන් කිව යුතු නැත.

ඒ අනුව, අද අපේ අවධානය යොමු වූයේ අවදානම් දෙකක් මැද රෝගීන්ට ජීවිත අපේක්ෂාව දෙන්නට වැර දරන සුව විරුවන් පිරිසක් ගැනය.

පිළිකාව නිසා අවදානමක් සමග දිවිගෙවන රෝගියෙක්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඔවුන්ගේ ජීවිතයට එල්ලවන්නේ දැඩි තර්ජනයකි.

එම නිසාම සාමාන්‍ය රෝහලක කොවිඩ් රෝගියෙකුට සත්කාර කරනවාට වඩා දැඩි වෙහෙසක් පිළිකා රෝගියෙක්  හඳුනාගතහොත් අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දැරීමට සිදුවෙයි.

එහි දී ඔවුන් අනුගමනය කරන්නේත් සාමාන්‍ය ක්‍රමවේද නොවේ.

මේ රෝගීන් වෙනුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒ වෙහෙස දරන්නේ නිවෙස්වල සිය ආදරණීයයන් සමග ගතකරන්නට තිබෙන පුංචි හෝ කාලයත් රෝගීන් වෙනුවෙන්ම කැප කරමිනි.

“මාස 5ක් තිස්සේ දරුවො කතා කරලා අහද්දි.. අප්පච්චි ගෙදර එන්නෙ නැද්ද කියලා, ඒ දැනෙන වේදනවා කියන්න බැහැ. ඒ නිසා වැඳලා කියන්නේ පරිස්සම් වෙන්න,” යැයි එහි වෛද්‍යවරයෙකු අප සමග පැවසීය.

“අන්තිමට ගෙදර ගියේ අවුරුද්දට… දරුවෝ ඉන්නවා. බලන්න යන්න විදිහක් නෑ. අම්මා තාත්තා බලන්නත් මාස 6කින් විතර ගියේ නෑ. දැන්නම් ඇත්තටම අපිටත් හරි මහන්සි,” යැයි සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් නිලධාරිනියක් සඳහන් කළාය.

Exit mobile version