Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇෆ්ගනිස්ථානයත්, චීනයට යටත්වන ලකුණු : තලේබාන් රජයට ඩොලර් මිලියන 31 ක් වටින පරිත්‍යාගයක්

ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන 31 ක් වටිනා ආහාර ද්‍රව්‍ය සහ කෝවිඩ් එන්නත් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඖෂධ, ශීත සෘතුවට අවශ්‍ය කරන ඇඳුම් ද මෙයට අයත් බව සඳහන්.

චීන විදේශ අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක හුවා චුන්යින් මෙම තීරණය දැනුම් දුන්නේ ඇෆ්ගනිස්ථානයට අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් මුණ ගැසුණු රැස්වීමේදී ය. ඇෆ්ගන් ජනතාව සඳහා ‘හදිසි භාවිතයට‘ අවශ්‍ය දේ සහනාධාර ලෙස ලබාදෙන්නට චීනය සූදානම් බව එහිදී පැවසිණි.

මේ අතර චීන විදේශ අමාත්‍ය වැන් යී පවසන්නේ පළමු අදියරේදී කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් ඇෆ්ගනිස්ථානයට ලබාදෙන බවයි. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය පිළිබඳ වගකීමෙන් බැහැර නොවිය යුතු බව ද චීනය කියා තිබේ.

චීනය සහ ඇෆ්ගනිස්ථානය කිලෝමීටර 80 ක (සැතපුම් 50ක) දේශසීමාවක් ෂින්ජින් පළාත මායිම් කරමින් බෙදා හදා ගනිති. චීනය සමග ඇෆගන් නායකයන් සාකච්ඡා පවත්වන්නේ පසුගිය ජූලි මාසයේ පටන් ය. එහිදී තලෙයිබානය ‘ඇෆ්ගනිස්තානයේ හමුදා හා දේශපාලන බලයේ වැදගත් බලකායක්‘ යැයි චීනය පැවසුවේය.

එවිට තලෙයිබානය පැවසුවේ චීනය ‘හොඳ මිතුරෙක්‘ බවයි. තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුබිහුල්ලා මුජහිද් පවසා තිබෙන්නේ චීනය ඔවුන්ට ඉතා වැදගත් ප්‍රබල රටක් වන බවයි. තවද අතීතයේදී ඉතාම සුබවාදී සහ යහපත් සම්බන්ධතා චීනය සමග ඇෆ්ගනිස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.

චීනය ට නොදෙවෙනි උනන්දුවක් දක්වන පුටින්ගේ රුසියාව, චීන සබඳතා පිළිබඳ දැනට කිසිවක් පවසා නැත. රුසියාව, සෝවියට් යුගයේ පටන්ම ඇෆග්නිස්ථානය සමග වරෙක සතුරෙකු ලෙස ද වරෙක මිතුරෙකු ලෙස ද සබඳතා පවත්වා තිබේ.

අනාගතයේදී චීනය, ඇෆ්ගනිස්ථානයට ණය දෙන්නට පටන් ගන්නවා ඇත. ඇෆ්ගනිස්ථානය පිහිටා තිබෙන්නේ ආසියාව දික්විජය කළ හැකි භූගෝලීය පිහිටීමක ය. අතීතයේ ඇෆ්ගනිස්ථානය ද ලංකාව මෙන්ම සේද මාවතේ පංගුකාරයෙකු විය.

චීනය අනාගතයේදී, සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටවූ රටක් වන ඇෆ්ගනිස්තානයේ පවා වරායක් පවා ඉදි කරන්නට ඉඩ කඩ තිබේ!

Exit mobile version