Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි, ආසාදනයවූවන් 300කට ආසන්නයි, මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27ක්

ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි, ආසාදනයවූවන් 300කට ආසන්නයි, මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27ක්

ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි, ආසාදනයවූවන් 300කට ආසන්නයි, මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27ක්

මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලඥයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ගායකයන්, රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් 300කට ආසන්න පිරිසකට මේ දක්වා කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනයවූ මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27කි.

කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය ප්‍රධාන පෙළේ පුද්ගලයන් අතර හිටපු අමාත්‍යවරයෙකුවූ මංගල සමරවීර, හිටපු කතානායකවරයකුවූ වි.ජ.මූ ලොකුබණ්ඩාර, සයිටම් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්(කිලී මහරාජා), ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සංගීතවේදී සුනිල් පෙරේරා, යුද හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඩී උදයසේන, එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම්, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ ඩග්ලස් ප්‍රනාන්දු, රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන, නීතීඥ සමාගමේ සභාපතිනී නීතිඥ ගෞරි තවරාසා යන අයද ඔවුන් අතර වෙති.

Exit mobile version