Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සටන් කරන ආසියානු පාරිභෝගිකයන්ට සෞදි අරාබියෙන් තෙල් මිල සහනයක්

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සටන් කරන ආසියානු පාරිභෝගිකයන්ට සෞදි අරාබියෙන් තෙල් මිල සහනයක්

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සටන් කරන ආසියානු පාරිභෝගිකයන්ට සෞදි අරාබියෙන් තෙල් මිල සහනයක්

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල අඩුකළ බව නිවේදනය කරයි.

කෙසේ වෙතත් වයඹදිග යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයට මිල ස්ථාවරයේ වෙනසක් සිදු නොවන බවද සෞදිය පවසයි.

මෙසේ විශාල ලෙස මිල අඩු කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා ආසියාව පුරා අගුලු දැමීම කලාපයේ ඉන්ධන ඉල්ලුම ඉහළ යාමටද බලපා ඇති බැවිනි. මේ අනුව ඔපෙක්+ හෙවත් ඛනිජ තෙල් අපනයන රටවල සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර සංවිධානයන් අගෝස්තු සහ දෙසැම්බර් අතර කාලය තුළ දෛනික නිෂ්පාදනයද බොරතෙල් බැරල් 400,000කින් ඉහළ නංවන හෙයින් ගෝලීය තෙල් සැපයුමද ඉහළ යනු ඇති බව කියයි.

Exit mobile version