Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොස සහ සමූපකාර සමිතිවලට ගොස් සීනි නැතිව රැවටී ගිය ජනතාව

සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස්

සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස්

සතොස සහ සමූපකාර සමිතිවලින් සීනි මිලදී ගැනීමට ගිය වවුනියා ජනතාව එහි සීනි නොමැති හෙයින් හිස් අතින් ආපසු හැරී ගියහ.

සතොස සහ සමූපකාර සමිතිවලින් (01.09) සිට රතු සීනි රටපුරා රු.130 කට ලබා ගත හැකි බව රජය නිවේදනය කර තිබිණි.

පසුගිය දින කිහිපය තුළ වව්නියා දිස්ත්‍රික්කයේත් සීනි හිඟයක් පැවතෙමින් තිබෙන අතර, පෞද්ගලික අලෙවිසැල්වල සීනි කිලෝ එකක් රු. 200 කට අධික මුදලකට අලෙවි කරමින් පවතී.

මෙම තත්ත්වය මත රජයේ නිවේදනයට අනුව කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තිය සහ ඇඳිරි නීතිය මධ්‍යයේ රතු සීනි රු.130 බැගින් ලබා ගැනීම සඳහා වව්නියාවේ විවිධ ග්‍රාමීය ප්‍රදේශවල සිට සතොස සහ සමූපකාර සමිතිවලට ජනයා පැමිණියහ.

කෙසේ වෙතත්, රජයේ අලෙවිසැල්වල සීනි නොමැති බව දැනුම් දෙන ලදී. ඉන් අනතුරුව ජනයා හිස් අතින් නිවෙස් බලා යන අයුරු දක්නට ලැබිණි.

Exit mobile version