Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීනි – සහල් රාජ්‍ය සන්තක කරන කතාව බොරුවක්; ජවාරම්කරුකරුවන් සතුටු කිරීමක්

සීනි - සහල් රාජ්‍ය සන්තක කරන කතාව බොරුවක්; ජවාරම්කරුකරුවන් සතුටු කිරීමක්

සීනි - සහල් රාජ්‍ය සන්තක කරන කතාව බොරුවක්; ජවාරම්කරුකරුවන් සතුටු කිරීමක්

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සඟවා තිබෙන ජාවාරම්කරුවන් වටලා අදාළ ආහාර ද්‍රව්‍ය රාජසන්තක කරන බවට ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් කරන ප්‍රකාශ මහජනයා නොමග යැවීමට කරන එවා බව අනාවරණය වේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් යොදවා අදාළ ගබඩා පරීක්ෂා කර බලා සඟවා තිබෙන සහල් සීනි ඇතුළු ගැසට් කරන ලද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපොලට නිකුත් කරන ලෙස බලපෑම් කිරීම පමණක් සිදු කරයි. මෙය අවම වශයෙන් අදාළ ගබඩා වටලෑමක් හෝ නොව පරීක්ෂා කිරීමක් පමණක් වී ඇත.

(02) සිට සහල් සහ සීනි පාලන මිල ක්‍රියාත්මක බව ආණ්ඩුව ප්‍රකාශ කළද, දිවයිනේ කිසිම ප්‍රදේශයක එය ක්‍රියාත්මක නොවූ බව වාර්තා වේ. මේ අතර විශේෂයෙන්ම සඟවා තිබෙන සීනි තොග අතරින් යම් ප්‍රමාණයක් ආණ්ඩුව මිල දී ගෙන රුපියල් 130/- බැගින් සතොස හරහා අලෙවි කරන බව ප්‍රකාශ කර ඇත. රුපියල් 50/-ට පැවති සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ආනයන බදු මුදල සත 25ක් දක්වා අඩු කිරීමෙන් ආණ්ඩු හිතවාදී ජාවාරම්කරුවන් හට අති විශාල ලාභයක් අත් කරදී තිබෙන අතර ආණ්ඩුව ගැසට් නිවේදයක් මගින් නියම කළ පාලන මිල වූ රුපියල් 85/- සිට රුපියල් 130/- දක්වා කිලෝවක් රුපියල් 45/-කින් ආණ්ඩුවේ එකඟතාවයෙන් මිල ඉහල දැමීම ද මේ සමඟම සිදු කර ඇත.

මේ අනුව සත්‍ය වශයෙන්ම සිදුවී තිබෙන්නේ ආණ්ඩු හිතවාදී ජාවාරම්කරුවන් හට බදු අඩු කිරීමේ රුපියල් 49.75 අති විශාල ලාභය සහ එයටම අවම වශයෙන් රුපියල් 35/-ක පමණ ලාභයක් සීනි කිලෝවක් සඳහා එකතු කර දීමය. මේ අනුව රුපියල් 84.75ක පමණ අමතර අති විශාල අයුතු ලාභයක් එක් සීනි කිලෝවකින් ආණ්ඩුවේ හිතවාදී ජවාරම්කරුකරුවන් ලබා දී තිබේ. මෙය, එක් සීනි කිලෝවකින් 66%ක ආසන්න අයුතු ගසා කෑමක් සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ලබාදීමකි.

-lankatruth

Exit mobile version