Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැහැ – රනිල් වික්‍රමසිංහ

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ මොහොතේ කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කොට කැපවීම කළ යුත්තේ ආණ්ඩුව බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට සාධාරණ අයිතියක් තිබේදැයි සූම් තාක්ෂණයෙන් පැවති සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇති බව කී වික්‍රමසිංහ මහතා ලංකාව හැර අනෙක් සෑම රටක්ම මේ වන විට ඒ ඉල්ලීම ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

Exit mobile version