Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

11 හැවිරිදි පිරිමි දරුවෙකුව දිගු කලක් තිස්සේ, ලිංගික අපයෝජනය කළ මඩකලපුවේ විහාරාධිපති අත්අඩංගුවට!

මඩකලපු – ඒරාවූර් පොලිස් බල ප්‍රදේශයේ පුන්නෙයිකුඩා විහාරයේ රැඳී අධ්‍යාපනය ලබමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කළ චෝදනාව මත විහාරයේ විහාරාධිපති භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ භික්ෂුව 25වන දින අත්අඩංගුවට ගනු ලැබූ බව ඒරාවූර් පොලීසිය පවසයි.

වෙනත් පළාතකට අයත්, 11 හැවිරිදි අදාළ පිරිමි දරුවා පැවිදි වීම සඳහා අධ්‍යාපනය ලැබීමට විහාරයේ රැඳී සිට ඇත.

මෙම තත්ත්වය මත, දිගු කලක් තිස්සේ මෙම විහාරාධිපති භික්ෂුව එම බාල වයස්කාර පිරිමි දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පවසයි.

මෙවැනි තත්ත්වයකදී 25වන දින අපයෝජනයට ලක් වූ එම දරුවා පොලීසිය වෙත ගොස් පැමිණිලි කර ඇති බව දැන ගන්නට ලැබිණි.

මින් අනතුරුව අදාළ භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇති අතර, අපයෝජනයට ලක් වූ දරුවාව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ භික්ෂුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ද පොලීසිය පැවසීය.

Exit mobile version