Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් – කම්කරු දෙපාර්තමේන්තුව

පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා දෛනික වැටුප රුපියල් 640ක් විය යුතු

පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා දෛනික වැටුප රුපියල් 640ක් විය යුතු

මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් 16 වන දින සිට බලපැවැත්‌වන පරිදි ‌ජතික අවම වේතනය සම්බන්ධයෙන් ඉකුත් 20 වැන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව සේවායෝජකයින් වෙත දැනුම් දෙහින් කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කර සිටී.

මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර සේවායෝජකයින් වැටුප ගණනය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.

මේ අනුව ජාතික අවම වේතනය මාසිකව රු. 16,000/- ක් හෝ දෛනිකව රු. 640/- ක් විය යුතු වේ.

Exit mobile version